
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) සහාධිපති සාමාජිකයෙකු වන තුෂාර මහතා , කොළඹ විශ්වවිද්‍යාලයෙන් (UOC) ව්‍යාපාර පරිපාලන මාස්ටර් (MBA) උපාධියක් හිමි කරගෙන ඇත. එමෙන්ම, කැලණිය විශ්වවිද්‍යාලයෙන් (UOK) ගණකාධිකරණය විශේෂීකරණය කරගත් ව්‍යාපාර කළමනාකරණ විශේෂ උපාධියක් දෙවන පන්තියේ ඉහළ සාමාර්ථ සහිතව ලබාගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ, ශ්‍රී ලංකා සහතික කළ වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සහ එක්සත් රාජධානියේ Chartered Institute for Securities & Investment (CISI) ආයතනයේ සාමාජිකයෙකි.
ගණකාධිකරණය, විගණනය, අනුකූලතා කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්රවල වසර විස්සකට අධික පළපුරුද්දක් හිමි ශ්‍රී තුෂාර, Ernst & Young (Sri Lanka & Maldives) ආයතනයේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, එහිදී CA Sri Lanka වෘත්තීය පුහුණුව සම්පූර්ණ කළේය. අනතුරුව, ශ්‍රී ලංකාවේ සහ ෆිජි දූපත්හි ප්රමුඛ පෙළේ සමූහ ව්‍යාපාර රැසක ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දැරීය.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී වෙත එක්වීමට පෙර, ඔහු වසර 15ක කාලයක් සෙන්කඩගල ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන අවදානම් නිලධාරී (Chief Risk Officer) ලෙස කටයුතු කළ අතර, අභ්‍යන්තර විගණන, අනුකූලතා සහ ව්‍යවසාය අවදානම් කළමනාකරණ කාර්යයන්ට නායකත්වය ලබා දුන්නේය.