මම ජනශක්ති ෆිනෑන්ස් ආයතනය හොරණ ශාඛාව සමඟ මුල්‍ය පහසුකම් කිහිපයක් ලබා ගත් තෘප්තිමත් පාරිභෝගිකයෙකු ලෙස ආයතනයේ 45 වන සංවත්සරයට සුභාශිංසන මෙසේ එක් කරමි.
අපගේ අවශ්‍යතාවය අපටත් වඩා හොඳින් හඳුනාගෙන අවශ්‍ය වේලාවට කඩිනම් සේවාවක් ලබාදීමට යම් අවස්ථාවල නිවසටම පැමිණ ඉටු කර දුන් ඔබ ආයතනයට ස්තුති කිරීමටද මෙය අවස්ථාවක් කරගනිමි.
එම විශ්වාසය මත මාගේ නෑදෑ හිත මිතුරන් සැමද ඔබ ආයතනය වෙත යොමුකර ඇති අතර තව තවත් එසේ යොමු කිරීමට බලාපොරොත්තු වෙමි. මම ද තවත් නව මුල්‍ය පසුකම් ඉදිරියටද ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.
ඉතින්, ජනශක්ති ෆිනෑන්ස් ආයතනය දිනෙන් දින තව තවත් ශක්තිමත් වෙමින් මූල්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් දිනා ගනිමින් ඉතා ඉහළින් වැජඹීමට ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි!

45 වසරක් පුරා විශ්වාසනීයත්වයෙන් හා කැපවීමෙන් සේවා සපයමින් ජන ශක්ති ෆිනෑන්ස් ආයතනය තබන මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
ජන ශක්ති ෆිනෑන්ස් ආයතනයේ පිළියන්දල නව ශාඛාව ඉතා කෙටි කාලයක් තුළ විශිෂ්ට වර්ධනයක් අත්කර ගනිමින් ප්‍රදේශයේ ජනතාවගේ විශ්වාසනීය මූල්‍ය සහකරුවා බවට පත්වීමේ සාර්ථකත්වයට මූලිකම හේතුව වී ඇත්තේ ශාඛා කළමනාකාරිත්වය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ නොපසුබස්නා උත්සාහය කැපවීම සහ පාරිභෝගිකයින් වෙත දක්වන සුවිශේෂී සුහදශීලී බව සහ වෘත්තීමය කාර්යක්ෂම සේවාව නිසා බව මම විශ්වාස කරමි.
ජනශක්ති ෆිනෑන්ස් ආයතනයට තව තවත් උසස් ජයග්‍රහණ කරා යන්නට ශක්තිය හා දිරිය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

ශාඛාව මගින් ලබා දෙන විශිෂ්ට පාරිභෝගික සේවාව පිළිබඳව මම ඉතා සතුටට පත් වී ඇත්තෙමි. මගේ අත්දැකීම පුරාම කාර්ය මණ්ඩලය මිත්‍රශීලී, උපකාරශීලී සහ වෘත්තීයමය විය.

මම පත්‍රිකාව බලා තරඟකාරී පොලී අනුපාතයට ආකර්ෂණය වී ශාඛාවට පැමිණීමට තීරණය කළෙමි. ලබා දුන් සේවාව සහ මිත්‍රශීලී, උපකාරශීලී කාර්ය මණ්ඩලය ගැන මම ඉතා සතුටු වුණෙමි

මෙය සාර්ථකව අවසන් කිරීමට ඔබ ලබාදුන් සහයෝගයට සහ කැපවීමට මගේ හෘදයාංගම ස්තුතිය, නිරෝෂන්.

සුරංග රාජපක්ෂ. ලීසිං ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතය, වචනයෙන් පරිසමර්ථයේ, මහත්තයෙක්, සමාගම් කීපයක්ම සේවය සැපයූ මෙතුමා මා දැනට අදුරගෙන වසර 15ක් පමණ වෙනවා. කුමන ආයතනයක වැඩ කළත් ඒ ආයතනය බබළවන්න පුළුවන් මහ දක්ෂ වෘත්තියෙක්. පොළොන්නරුවේ ජනශක්ති ලීසිං ආයතනයේ වැඩ කරන සිසිර මහතා, ආයතන කළමනාකාර සිසිර මහතා, ප්‍රාදේශීය කළමනාකාර රුචිර මහතා, පොළොන්නරුව ශාඛාවේ ඉතා සිව් පැහැදිලි සිනහවකින් සේවිකා මහත්මිය මෙන්ම සහ ජනශක්ති ආයතනයට මගේ හද පිරි ස්තුතිය ප්‍රකාශ කරනවා. ජනතාවට ශක්තියක් වෙමින් ඔබ කරන සේවය අගයීම අපගේ යුතුකමක් වන බැවින්. එම ආයතනයේ සියලුම දෙනා ඉතා සුහදශීලී සහ විශ්වාසවන්ත සේවයක් ඔබට අවශ්‍ය සේවය කඩිනමින් කර දෙනවා.ඔබට අවශ්‍ය සේවය කඩිනම් කරදෙනවා. ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා හමුවියුතු හොදම කෙනා සහ හොඳම ආයතනීය මගේ නිර්දේශයෙන් සුරංග රාජපක්ෂ මහතා සහා ජනශක්ති ආයතනිය බවට සැක නොකොට පවසමි. ගිහින් වෙනස බලන්න .

මම මෑතකදී ජනශක්ති ෆිනෑන්ස් හරහා වාහන මිලදී ගැනීමක් සම්පූර්ණ කළ අතර, දන්තික අමරසිංහ මහතා (කළමනාකරු) සහ සංඛ ප්‍රභාත් මහතා (ලීසිං විධායක) විසින් ලබා දුන් ලීසිං ක්‍රියාවලිය අති විශිශ්ටයි . ඔවුන්ගේ වෘත්තීයභාවය, පැහැදිලි සන්නිවේදනය සහ ප්‍රයෝජනවත් මග පෙන්වීම නිසා මුළු ක්‍රියාවලියම සුමට හා ආතතියෙන් තොර විය. ඔවුන්ගේ ක්‍රියාශීලී සහයෝගය සහ ඔවුන් පුරා පෙන්වූ අව්‍යාජ සැලකිල්ල මම සැබවින්ම අගය කළෙමි. එවැනි කැපවූ පුද්ගලයින් සමඟ වැඩ කිරීම සතුටක් වූ අතර, මට ලැබුණු සුවිශේෂී සේවාවට මම ස්තූතිවන්ත වෙමි.

මම නුගේගොඩ ශාඛාවේ ස්ථීර තැන්පතු ගිණුමක් විවෘත කළා. අලෙවිකරණ නිලධාරියා මගේ අවශ්‍යතාවයට අනුව සුදුසුම ආයෝජන සැලැස්මක් මගින් මා දැනුවත් කළේය. මම අනිවාර්යයෙන්ම ජනශක්ති මගේ මිතුරන්ට සහ පවුලේ අයට නිර්දේශ කරමි.

අපි ඔබේ ආයතනය සමඟ වසර 12 කට වැඩි කාලයක් තිස්සේ දිගුකාලීන සබඳතාවක් පවත්වන්නෙමු. අනුරාධපුර ශාඛාව පිහිටුවීමට පෙර අපි කුරුණෑගල ජනශක්ති ෆිනෑන්ස් ශාඛාව සමඟ ගනුදෙනු කළෙමු. තවද, අපි සැලසුම් කර ඇති පරිදි ලීසිං පහසුකම පියවීමට තීරණය කළෙමු. විදේශගත වන්න, වසර ගණනාවක් පුරා ඔවුන්ගෙන් ලැබුණු අගනා උපකාර සහ නොසැලෙන සහයෝගය සඳහා අනුරාධපුර ශාඛාවේ සිටින සියලුම පුද්ගලයින්ට සහ ඔබේ සංවිධානයට අපගේ අවංක ප්‍රණාමය පිරිනමන්නෙමු. ස්තූතියි.

ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී එහි සුවිශේෂී සේවාවන් සඳහා මම බෙහෙවින් නිර්දේශ කරමි. Covid-19 වසංගතය අතරතුර, මම මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින විට, ඔවුන් මගේ මෝටර් රථය ආරක්ෂා කර ගැනීම සඳහා සාධාරණ ගෙවීම් සැලැස්මක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ දයානුකම්පාව සහ අවබෝධය නිසා මගේ මූල්‍ය බාධාවන් මඟහරවා ගැනීමට හැකි වූ අතර දැන් මම ආඩම්බර මෝටර් රථ හිමිකරුවෙකි. මෙම ක්‍රියාවලිය පුරාවට ලබාදුන් විශිෂ්ඨ සහයෝගය සහ සහය වෙනුවෙන් රත්නපුර ශාඛාවට මාගේ අවංක ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඔබ හට ස්තූතියි.
