සචින්තනි මීරියගල්ල මහත්මිය

emp-img
මානව සම්පත් ප්‍රධානී

සචින්තනි මීරියගල්ල මහත්මිය, මානව සම්පත් ප්‍රධානී ලෙස කටයුතු කරමින්, මූල්‍ය ක්ෂේත්‍රයේත්, ඇගලුම් කර්මාන්තයේ මෙන්ම ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි වසර 14කට වැඩි වෘත්තීය අත්දැකීම් රැසක් රැගෙන එයි. ත්‍රිවිධ මානව සම්පත් නායකත්වය තුළ දක්ෂතාවක් ඇති ඇය, කුසලතා කළමනාකරණය, සංවිධාන සංවර්ධනය, සේවක සම්බන්ධතා සහ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීම යන ක්ෂේත්‍රවල විශේෂ අවධානය යොමු කරමින්, ව්‍යාපාර අරමුණු සමඟ මානව සම්පත් උපායමාර්ග සාර්ථකව සම්බන්ධ කිරීමට දායක වේ.

වසර 10ක් Alliance Finance සමාගමහි, මානව සම්පත් කළමණාකරන අංශයේ සේවය කිරීමත් එහිදී අවසන් වශයෙන් ඇය මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරිනිය (Senior Manager – Human Resources) ලෙස කටයුතු කිරීම ඇයගේ වෘත්තීය ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් ලෙස සැලකිය හැක. එහිදී, සංවිධාන වර්ධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සඳහා සහාය වූ මානව සම්පත් කාර්යයන් ක්‍රියාත්මක කිරීමට ඇය සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත. ඇයගේ වෘත්තීය ජීවිතයේ ආරම්භය ලෙස Nestlé Lanka PLC සහ ඇගළුම් කර්මාන්තයේ මානව සම්පත් කාර්යයන් තුළ අත්දැකීම් ලබා ගනිමින්, ඇයගේ බහු-කර්මාන්තීය අත්දැකීම් තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.

මීරියගල්ල මහත්මිය, එක්සත් රාජධානියේ University of Northampton වෙතින් විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගනිමින් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, මානව සම්පත් කළමණාකරන ආයතනය (Human Resource Management Institute) විසින් පිරිනමන Pearson සහතික කළ විධායක මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව (Pearson Assured Executive Diploma in Human Resources Management) ද සම්පූර්ණ කර ඇත. ඇයගේ වෘත්තීය පසුබිම සහ අධ්‍යාපනික සුදුසුකම්, ඉහළ කාර්යසාධන සහ මනුෂ්‍ය කේන්ද්‍රිත සංවිධාන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ඇයගේ දැඩි කැපවීම පිළිබිඹු කරයි.

 

ඇමතුමක් වෙන් කරගන්න

කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.

    service-form-banner-image
    Skip to content