
ප්‍රවීණ බැංකු කරුවකු වන රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු මෙන් ම එක්සත් රාජධානියේ ක්‍රැන්ෆීල්ඩ් පාසලෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, ඒ මහතා එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත්‍රය තුළ අති සාර්ථක වෘත්තිකයෙකු ලෙස කටයුතු කර ඇත.
වසර 37 ක වෘත්තීය ජීවිතයකට හිමිකම් කියන ත්‍යාගරාජා මහතා, ඔහු පසුගිය වසර 16 තුළ ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලාභී වාණිජ බැංකු තුනක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, ඒ මහතා බැංකු ආශ්‍රිත ආයතනික පාලන රාමුව ප්‍රශස්ත කිරීම, බාසල් III නීතිය සම්මත කිරීම, බැංකු මගින් සාධාරණ වටිනාකම මත ගිණුම්කරණය, මූල්‍ය අන්තර්ගත භාවය සහ මෑතක දී බැංකු සඳහා හඳුන්වා දුන් ෆින්ටෙක් පරීක්ෂණ පරිසර රාමුව සංවර්ධනය කිරීම වැනි ප්‍රතිපත්තිමය ක්‍රියාසලි සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය. මෙම කාලය තුළ ත්‍යාගරාජා මහතා ශ්‍රී ලංකා බැංකු සංගමය, ආසියානු බැංකු සංගමය සහ ලංකා මූල්‍ය සේවා කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
Lanka Clear, කොළඹ කොටස් හුවමාරුව, ඇමරිකානු වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සහ ලංකා වාණිජ මණ්ඩලය යන ආයතනවල සභාපතිවරයා (2017-19) ලෙස ද සේවය කළේය.
එමෙන් ම වර්තමානය වන විට සියම් සිටි ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සහ සැම්බියාවේ වෘත්තීය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ත්‍යාගරාජා මහතා, First Capital Holdings PLC සමාගමේ සභාපති හා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු, ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සහ පේයබල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනවල සභාපතිවරයා ලෙස මෙන් ම කලර්ස් ඔෆ් කරේජ් ලිමිටඩ් හි භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. ත්‍යාගරාජා මහතා 2016 වසරේ දී, පිළිකා සත්කාර සඳහා දැනුවත් කිරීම සහ අරමුදල් රැස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර් 674ක් පා ගමනින් යාමට ද කටයුතු කළේ ය.
ත්‍යාගරාජා මහතා බැංකු ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දී ඇති සුවිශේෂී දායකත්වය අගයමින් 2022 වසරේ දී ආසියානු බැංකු සංගමය විසින් ඒ මහතාට ‘Chairman Emeritus’ යන ගෞරව නාමය පිරිනැමිණි.
ත්‍යාගරාජා මහතා ශ්‍රී ලංකාවේ Pathfinder පදනමේ ජ්‍යේෂ්ඨ බාහිර සාමාජිකයෙකු වන අතර, 2022 අප්‍රේල් 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයා ලෙස රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පත් කරන ලදී.