ඉන්ද්‍රේෂ් පුවිමනසිංහ මහත්මිය

emp-img
ප්‍රධාන මූල්‍ය නිලධාරී

ගිණුම්කරණය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණය හා ඩිජිටල්කරණය සහ ක්‍රියාවලි පරිවර්තනය පිළිබඳ ගැඹුරු විශේෂඥතාවක් මෙන් ම වසර 33 කට අධික කීර්තිමත් වෘත්තීය පළපුරුද්දක් සහිත ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ මහත්මිය, මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගෙන යාම, මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම සහ විවිධ කර්මාන්ත ෂේත්‍ර හරහා තිරසාර වර්ධනයට සහාය වීම ආදී අංශ හරහා සිය ශක්‍යතාව මැනෙවින් පිළිබිඹු කර ඇත.

2014 වසරේ දී සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමඟ සම්බන්ධ වූ පුවිමානසිංහ මහත්මිය, පසුව සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කළ අතර, එහි දී ඇය මෙහෙයුම් පාලනය ශක්තිමත් කිරීම සහ ආයතනික ඵලදායිතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළාය. 2018 වසරේ දී, ඇය ආසිරි රෝහල් සමූහයේ ප්‍රධාන ක්‍රියාවලි නිලධාරිනිය ලෙස පත් කෙරුණු අතර, කණ්ඩායම් මට්ටමින් ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන්, ප්‍රසම්පාදන පරිවර්තනය සහ ගිණුම් ප්‍රශස්තකරණය ආදී ක්ෂේත්‍ර සඳහා නායකත්වය දුන්නාය.

එමෙන් ම සොෆ්ට්ලොජික් සමූහය සමඟ සම්බන්ධ වීමට පෙර, පුවිමානසිංහ මහත්මිය මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව සේවය කළාය.
හේමාස් සමූහයේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කළ පුවිමනසිංහ මහත්මිය, බහු ව්‍යාපාර අංශ හරහා උපාය මාර්ගික මූල්‍ය නායකත්වය ලබා දුන් අතර, මූල්‍ය වර්ධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද සක්‍රීය දායකත්වය ලබා දී ඇත.

ඇමතුමක් වෙන් කරගන්න

කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.

    service-form-banner-image
    Skip to content