
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, රට පුරා විසිරී සිටින ලීසිං ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ රක්ෂණ විසඳුම් පිරිනැමීමේ අරමුණින් කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Continental Insurance Lanka Limited) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම ගිවිසුම හේතුවෙන් මින් ඉදිරියට ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ගනුදෙනුකරුවන්ට කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් වෙතින් විශ්වාසනීය රක්ෂණ විසඳුම් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙයින් එම ගනුදෙනුකරුවන්ට සවිමත් මූල්‍ය රැකවරණයක් හිමි වන අතර, සමාගම කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය ද තවදුරටත් වර්ධනය වනු ඇත.
මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී එස්. ශ්‍රී ගනේෂන්, ණය සහ මෙහෙයුම් අංශ ප්‍රධානී ප්‍රභාත් ද සිල්වා, නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක සහ සේවා ප්‍රධානී ඒඩ්‍රියන් ෂොක්මන් යන මහත්වරුන් ද, කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (CILL) නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී ජෙරී ගුණදාස, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (විකුණුම් සහ අලෙවි) උපුල් බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (සාමාන්‍ය රක්ෂණ) සුගුණතීරන් ධනංජයන්, සාමාන්‍යාධිකාරී (ආයතනික ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා) ප්‍රබෝධ ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (රථවාහන ප්රප්රතිරක්ෂණ) ඉඳුනිල් ජයශංඛ සහ කළමනාකරු (මූල්‍ය අවදානම් රක්ෂණ) චලක එදිරිසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
අවසානයි.
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී පිළිබඳව
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස්), විකල්ප මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ වසර 45 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. – https://www.janashakthifinance.lk/
