JXG (ජන ශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. විසින් ‘ශක්ති ‘ නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙය කිසිදු භේදයකින් තොරව සැමට මූල්‍ය සේවාවන් පිරිනැමීම සහ දීර්ඝකාලීන ධන උත්පාදනය දිරිගැන්වීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් තහවුරු කරන හඳුන්වා දීමකි.
සාම්ප්‍රදායික ස්ථාවර තැන්පතුවක් නොවන ‘ශක්ති’ ස්ථාවර තැන්පතුව සැලසුම් කර ඇත්තේ වර්තමාන කාන්තාවන් වෙනුවෙන්මය. වෘත්තීය ජීවිතය ආරම්භ කරන මොහොතේ සිට ව්‍යාපාරයක් වැඩිදියුණු කරගැනීම දක්වා ජීවිතයේ සෑම අදියරකදීම කාන්තාවන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල දීර්ඝකාලීන මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට උපකාරී වීම එහි ප්‍රධානතම අරමුණයි.
මේ වන විට කාන්තාවන් වැඩි වැඩියෙන් ආර්ථික ක්‍රියාවලියට දායක වෙමින් සිටින අතර, ඔවුහු ව්‍යාපාර මෙහෙයවමින්, මූල්‍ය තීරණ ගැනීමේ වගකීම් දරමින් සිටිති. මෙම පිරිසගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආයෝජන විසඳුම් සඳහා පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ‘ශක්ති’ යනු මෙම ඉල්ලුම සපුරාලීමේ අරමුණින් සැලසුම් කළ ස්ථාවර තැන්පතුවකි. එය විධිමත් ලෙස ඉතිරි කිරීම සහ දීර්ඝකාලීන මූල්‍ය සැලසුම් කරණය දිරිගන්වන සුරක්ෂිත හා වාසිදායක ආයෝජන විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ.
“ආර්ථිකය තුළ කාන්තාවන්ගේ වෙනස් වන භූමිකාවට වඩාත් හොඳින් ගැළපෙන විසඳුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මූල්‍ය ක්ෂේත්රය පුරා වර්ධනය වෙමින් පවතිනවා. ශ්‍රම බලකාය සහ ව්‍යවසායකත්වය තුළ කාන්තාවන්ගේ දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට නම්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය විසඳුම් හඳුන්වා දීම අත්‍යවශ්‍යයි. ‘ශක්ති’ ස්ථාවර තැන්පතුව යනු ඒ සඳහා අප දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්. මෙමඟින් කාන්තාවන්ට තම මූල්‍ය කටයුතු වඩාත් හොඳින් සැලසුම් කිරීමට, කාලයත් සමඟ ධනය ගොඩනංවා ගැනීමට සහ, තමන්ගේ සහ තම පවුල්වල මූල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් වඩාත් ශක්තිමත් කාර්ය භාරයක් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනවා. එය අන්තර්කරණය (Inclusion) දිරිගැන්වීම සහ විධිමත් ආයෝජන අවස්ථා සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් අප සතු දැක්ම මැනැවින් පිළිබිඹු කරන පියවරක් ලෙස ද හැඳින්වීමට පුළුවන්” ජන ශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා පැවසීය.
‘ශක්ති ‘ යනු හුදෙක් ආයෝජන විසඳුමක් පමණක් නොවේ. එය කාන්තාවන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව තම මූල්‍ය අනාගතය තීරණය කිරීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.
“මෙහිදී අපගේ ප්‍රධානම ඉලක්කය වූයේ වර්තමාන කාන්තාවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන, ඔවුන්ට පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය විසඳුමක් හඳුන්වා දීමයි. ආයෝජනය ආරම්භ කිරීමට දිරිගන්වන සරල සහ වාසිදායක ක්‍රමයක් ලෙස එය සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සාම්ප්‍රදායික ස්ථාවර තැන්පතුවක සීමාවෙන් ඔබ්බට විහිදෙන ප්රතිලාභ රැසක් ඊට ඇතුළත්. මින් ඉදිරියට අපගේ ශාඛා ජාලය සහ ඩිජිටල් නාලිකා ඔස්සේ කාන්තාවන්ට ඉතාමත් පහසුවෙන් ‘ශක්ති’ තැන්පතු විවෘත කළ හැකියි. මෙය ඔවුන්ට ශක්තිමත් මූල්‍ය අනාගතයක් ගොඩනංවා ගැනීම සඳහා සාර්ථක ආරම්භක පියවරක් වේවි.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා පැවසීය.
‘ශක්ති’ ස්ථාවර තැන්පතුවඟින් කාන්තාවන්ට සහනදායී පොලී අනුපාත යටතේ හිමි වන ණය හා ලීසිං, ආයෝජන සැලසුම් සහ කාරක ප්‍රාග්ධන මූල්‍ය පහසුකම් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හිමි වේ. මෙය ඔවුන්ගේ මූල්‍ය හා ව්‍යවසායකත්ව ඉදිරි ගමනට ලැබෙන සුවිශේෂී සහයෝගයක් වනු නිසැකය.
ඉතුරුම් සේවාවකට සීමා නොවන පරිදි සැලසුම් කර ඇති ‘ශක්ති’ ස්ථාවර තැන්පතුව කාන්තාවන්ට කෙටිකාලීන ඉතුරුම් පුරුදු වෙනුවට දීර්ඝ කාලීන ආයෝජනයන් වෙත යොමුවීමට අත්වැලක් වනු ඇත. මෙය ගනුදෙනුකරුවන්ගේ යහපතට හේතු වන නවෝත්පාදන සිදුකරමින් ඔවුන්ගේ විශ්වාසනීය මූල්‍ය සහකරුවෙකු ලෙස තමන් දිනා සිටින කීර්ති නාමය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා ජන ශක්ති ෆිනෑන්ස් සමාගම දරන උත්සාහයේ තවත් සාර්ථක ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
‘ශක්ති’ වැනි සාර්ථක විසඳුම් ඔස්සේ මෙරට කාන්තාවන් තුළ මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් ආත්ම විශ්වාසය ඇතිකරවමින්, ඔවුන්ට වඩාත් ශක්තිමත් හා සුරක්ෂිත අනාගතයන් නිර්මාණය කරගැනීමට උපකාරී වීම ජන ශක්ති ෆිනෑන්ස් සමාගමේ අරමුණ වී ඇත.
අවසානයි.
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී) පිළිබඳව
ජන ශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් ඒවා), විකල්ප, මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ වසර 44 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජන ශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.
ඡායාරූප


